


අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ
|
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා ඇතුලත් වෙබ් අඩවියක් .....මෙතනින් ඇතුලත් වෙන්න.
( මෙම වෙබ් අඩවිය හර්ෂ අබේකොන් මහතා විසින් ඉදිරිපත් කරයි)
මෙහි පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා රාශියකින් ඇතුලත්ය. නිවනට මග පෙන්වමින් කරන ලද මෙම දේශනා බොහොමයක් භාවනානුයෝගීන්ට මෙන්ම භාවනාවට ප්‍රවේශ වීමට අදහස් කරන ආධුනිකයින්ටද එකසේම ප්‍රයෝජනවත් උපදෙස් හා කරුණු වලින් පරිපූර්ණ වී ඇත.
මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අතර තුරදීම නිවන් අත් දැකීමට සමහර බුද්ධිමත් සැදැහැවතුන්ට හැකි වීම මෙම ධර්ම දේශනා වල ඇති විශිෂ්ඨතාවයකි. උන්වහන්සේ විසින් කරුණා පෙරදැරිවම දේශනා කොට ඇති අනර්ඝ දේශනා සහ භාවනා උපදෙස් රාශියක් මෙම වෙබ් අඩවියෙහි අඩංගු වන අතර, මෙයින් බොහොමයක්ම මේ ආත්මයේදීම නිවන අත්දැකීමට උනන්දුවන යෝගාවචරයන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති දේශනාවන් වේ.
|
ඥාණවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානය - අතුරුගිරිය
|
ඥාණවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානය - අතුරුගිරිය
අතුරුගිරිය නගරයට ආසන්නයේ ඉතා නිසංසල පරිසරයක පිහිටි ඥාණවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානය අවට බෞද්ධ ජනයාගේ සිත් සතන් ශ්‍රී සද්ධර්මයෙන් පොෂණය කරයි.
අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලය අසලින් ඥාණවිමල මාවතේ මද දුරක් (කිමී 1/4) පමන යන විට හමුවන මෙම විහාරස්ථානයට වසර 20ක පමන අතීතයක් ඇත.
භාවනා යොගී භික්ෂූන් වහන්සේලා වැඩ වසන මෙම ස්ථානයේ අබිනවයෙන් ඉදිකරන ලද බුදු මැදුර සහ සංඝාවාසය අති රමණීයයි.
අතුරුගිරියේ ඥාණවිමලාභිධාන නායක හිමියන් විසින් ප්‍රදේශයේ ධාන පතිනියකගේන් පරිත්‍යාග කරනු ලැබූ ඉඩමක ආරම්භ කරන ලද මෙම ස්ථානයේ වත්මන් නායක ස්වාමීන් වහන්සේ ලෙස වැඩවසන්නේ කර්මස්ථානාචාර්ය අතිපුජ්‍ය ගස්නාවේ ඤාණානන්ද මාහිමියන්ය.
ගස්නාවේ ඤාණානන්ද මාහිමියන්ය
![]() |
කන්දෙ විහාරය - පනාගොඩ
|
තවත් කන්දෙ විහාරයක් - කොළඹට නුදුරින්
මාර්ග අංක 190 ගොඩගම පාරේ පනාගොඩ නගරයේ තවත් ඉපැරණි කන්දේ විහාරයක් ඇත.ඉතා අලංකාර නිස්කලංක වටා පිටාවක පිහිටා ඇති විහාරය ඉංග්‍රීසි ආංඩු කාලයේ ප්‍රතිසංස්කරණය කර ඇත.එහි පිලිම වහන්සේලා කිහිපනමකගේ ජායාරූප යි මේ.
![]() |
මිහින්තලය
|
මිහින්තලා පුජා ස්ථානය උතුරුමැද පලාතේ අනුරාධපුරයෙන් සැතපුම් 8ක් නැගෙනහිරෙන් පිහිටා ඇත.
අනුරාධපුරයේ සිට මල්වතු ඔය පසුකොට නුවර වැව සමීපයෙන් මරදන්කඩවලට යන පාරේ සිට සැ.8ක්
ගිය විට මිහින්තලා පර්වතය හමුවේ.
මිහිදුහිමියන් ලක්දිවට වැඩ මුලින්ම මේ පර්වතයේ අම්බස්තල පර්වත මුදුනට වැඩිසේක.දෙවනපෑතිස් මහ
රජතුමා මිහිදු මහ හිමියන්ගෙන් බණ අසා බුදු දහම වැලදගත් අතර එම ස්තානයේ මෙම විහාරය ඉදිකරන ලදි.
ජායාරූප කිහිපයක්
![]() ![]() |